ධීවර යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් මෙරට දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදු කළ මෙහෙයුමක දී බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

එහි දී එම යාත්‍රාවල සිටි පුද්ගලයන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ධීවර යාත්‍රා මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.