කුඩා දැරියක් ළිඳකට තල්ලුකර ඝාතනය කිරීමේ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ.
මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ නෝන්රා ගම්මානයෙනි.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම දැරියගේ මිත්තණිය විසින් 10 හැවිරිදි වියේ පසුවන දැරියව ළිඳට දමා ඇති බවට සැකපළකරන බවය.
ඊයේ (20) පෙරවරු 10ට පමණ මෙය සිදුව ඇති අතර ප්‍රදේශවාසින් විසින් දැරිය ළිඳෙන් ගොඩට ගෙන රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 10 හැවිරිදී වියේ පසුවූ රියා නම් කුඩා දැරියකි.
පවුල් ආරවුලක් මත සැකකාර කාන්තාව සිය සිය මිණිබිරිය ව මෙලෙස ලිඳට තල්ලුකර ඝාතනය කර ඇති බවටයි පොලීසිය සැකපළකරන්නේ.
දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බව සඳහන් වෙයි.
සැකකාර මිත්තණිය සුදාමා නමැති 50 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.
ඇය මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.