මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් සිදුකිරීම මැඩලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම ඊයේ (31) සවස 4 සිට රාත්‍රී 8 දක්වා සිදුකර තිබිණි.
එහිදී එවැනි ජංගම දුරකථන ඔස්සේ මුදල් ලබාදෙන මධ්‍යස්ථාන 1,964ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074ක් සහ හඳුනාගත් වාණිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකර තිබේ.


