කෙහෙළියගේ දියණිය මානව හිමිකම් යයි

කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් අද (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය සඳහන් කළේ, තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවය.

Leave a Reply

Your email address will not be published.