අපොස සාපෙළ ලියූ සිසුන්ට වැදගත් නිවේදනයක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිතය.

ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි..

එසේම වැඩි තොරතුරැ අවශ්‍ය සිසුන් ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ගෙන් විමසිය හැකි බවත් එහි දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.