වැඩිකළ පොහොර සහනාධාරය අද සිට

වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක්  ලබාදීමට නියමිතයි.

අමාත්‍යවරයා පැවසුවේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published.