ඉන්දුනීසියාවේ සීනි වංචාවට හිටපු ඇමති අත්අඩංගුවට

සීනි ආනයන වංචාවක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ හිටපු වෙළෙඳ ඇමතිවරයාව අත්අඩංගුවට ගැනීමට එරට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබේ.

විමර්ශකයින් පවසන්නේ හිටපු අමාත්‍යවරයා නිසි ක්‍රමවේදයෙන් බාහිරව සීනි ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමෙන් රජයට ඩොලර් මිලියන 25ක පාඩුවක් සිදුකර ඇති බවයි.

එම හිටපු අමාත්‍යවරයා මේ වනවිට රජයේ කටයුතු විවේචනය කරන පුද්ගලයින් අතුරින් ඉදිරියෙන්ම සිටින අයෙකි.

හිටපු අමාත්‍ය තෝමස් ට්‍රිකාසි ලෙම්බොන් ව සැකකරුවෙක් වශයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබුණි.

එරට නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකර ඇති චෝදනාවේ සඳහන් වන්නේ රට තුළ අවශ්‍ය ප්‍රමාණය ට වඩා සීනි තොග ඇති අවස්ථාවක පෞද්ගලික සමාගමකට සීනි ආනයනය සඳහා බලපත්‍රයක් නිකුත්කළ බවට ඔහුට චෝදනා එල්ලකර තිබේ.

Leave a Reply

Your email address will not be published.