කෝටි 06කට අධික කුෂ් ගුවන්තොටුපොළෙන් හමුවෙයි

“කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 630ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුන් දෙදෙනා අද (20) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් භාරයට ගත් “කුෂ්” මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 6කට අධික බව වාර්තා වෙයි.

අත්අඩංගුවට පළමු ගුවන් මගියා කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

අනෙක් කාන්තාව අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචි, රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි අයෙකි.

ඔහු අද තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Leave a Reply

Your email address will not be published.