අල්ලස් ගත් ආගමන විගමන බලයලත් නිලධාරියා අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලද පැමිණිලිකරු, වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සැකකරු මෙම අල්ලස් මුදල ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආගමන විගමන බලයලත් නිලධාරීයෙකි.

සැකකරුව පසුගිය 20 වනදා පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.