ගංවතුර උග්‍ර අතට – අධිවේග මාර්ගත් අවහිර වෙයි

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය උග්‍ර වීමත් සමඟ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු ප්‍රාන්තයේ මේ දක්වා ඇදහැලෙන අධික වර්ෂාවෙන්  පුද්ගලයින් දහස් ගණනකට සිය නිවාස ද අහිමි වි ඇති බව සඳහන් වේ.

එමෙන්ම වේලි සහ ගංගා පිටාර ගැලීමේ මට්ටමට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර දරුණු ලෙස හානියට පත් නගර කිහිපයකට ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published.