පාර මාරු වුණ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ලොරියක ගැටෙයි

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වත්ත ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරුවීමට ගිය පාසල් දරුවන් දෙදෙනකු ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ, එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙකු වන අතර, තුවාල ලැබීමෙන් පසුව ඔවුන්ව වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.