චීන ජාතික අපරාධ සැකකරුවන් 200 ක් මියන්මාරයේ සිට චීනයට

චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබේ.

චීන පොලීසිය විසින් ඊයේ (20) මියන්මාරයේ Myawaddy කලාපයේ සිට විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරි මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන විත් තිබේ.

චීන මාධය වාර්තා කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ චීන ජාතිකත්වය සහිත තවත් අපරාධකරුවන් 800කට වැඩි පිරිසක් චීනයට රැගෙන ඒමට නියමිත බවය. 

චීනය, මියන්මාරය සහ තායිලන්තය අතර ජාත්‍යන්තර ආරක්ෂණ සහයෝගීතාවයේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද එම මාධය වාර්තා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.