එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් අණදෙන නිලධාරී අද්මිරාල් සැමුවෙල් ජේ. පැපරෝ මාර්තු මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව අද්මිරාල් පැපරෝ සිය සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා නායකයන් සමඟ කටයුතු කිරීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡා මගින් කල්පවත්නා එක්සත් ජනපද ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරීත්වය නැවත තහවුරු කිරීම සහ ඉන්දු පැසිෆික් කලාපයේ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා එක්සත් ජනපද දැක්ම බෙදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බවයි වාර්තා වේ.