මිලියන 60 ක කේරළ ගංජා මුක්කම් වෙරළේ

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද (22) අළුයම පේදුරුතුඩුව පොලිසිය සමඟ එක්ව තුම්පලේ, මුක්කම් වෙරළෙදි සිදු කල මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 350 කට ආසන්න ප්‍රමාණය ක් සොයා ගෙන ඇත.

මෙම කේරළ ගංජා පාර්සල් 154 ක් හමුවී ඇති අතර එහි වටිනාක ආසන්න වශයෙන් රුපියල් මිලියන 60 ක් පමණ වන බව පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ෂණ කටයුතු පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි

Leave a Reply

Your email address will not be published.