මෙරට යුද විරුවන්ට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඔහු එහි දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ නවතම සම්බාධක මානව හිමිකම් ගැන නොව LTTEයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවය.
මෙය යුක්තිය නොවේ සමහර බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කිරීමේ වරප්‍රසාද භුක්ති විඳිමින්, අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක්කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අද අප භුක්ති විඳින නිදහස දැඩි තීරණවලින් ලබාගත් එකක් බව උතුරේ සහ දකුණේ ජනතාව තේරුම් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම සම්බාධක මගින් අපගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනු ඇති බවත් එවැනි තවත් අර්බුදයක් ඇති වුවහොත්, හමුදාවන්ට සටන් කිරීමට ධෛර්යයක් නොමැති විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම සම්බාධක පිටුපස සිටින පුද්ගලයින් දෙමළ ප්‍රජාවේ ආරක්ෂාව ගැන තැකීමක් නොකර බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ප්‍රජාවන් අතර සංහිඳියාවට බාධා කිරීමට කිසි විටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කරයි.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙමළ ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ, ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබා ගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙසය.
මේ අතර විදේශීය බලවතුන් ශ්‍රී ලංකාවට සාමය ලබා දුන් අයට පහර දෙන විට රජය ඔවුන් ආරක්ෂා කරනවාද, නැතහොත් නිහඬව සිටිනවාද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විමසා සිටී.
පාර්ලිමේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, සැමවිටම අපගේ යුද ප්‍රවීණයන් ආරක්ෂා කරන බවත් ඔවුන්කළ කැපකිරීම් අපගේ සාමය සුරක්ෂිත කළ අතර, ඔවුන්ගේ උරුමය අඩපණ කිරීමට අපි කිසි විටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බවය.