අප්‍රේල් 8 හෝ 9 දා දේශබන්දු නෙරපීමේ යෝජනාව සම්මත කරගන්නවා

දැනට වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 08 හෝ 09 දිනවල පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (26දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද ජයතිස්ස මහතා ඒ බව කීවේය.

මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සනින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කථානායකවරයාට භාර දී ඇති බවද එය පාර්ලිමේන්තුවේදී 113 දෙනකුට වැඩි මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සම්මත කරගත යුතු බවද පැවසූ ඇමැතිවරයා අප්‍රේල් 08 සහ 09 වැනිදා එය සම්මත කර ගැනීම ප්‍රශ්නයක් නොවන බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.