මාතලේ රක්ෂිතයකින් T56 ගිනිඅවියක් හමුවෙයි

මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (29) සවස් කාලයේ මෙම ගිනිඅවිය සහ පතොරම් ගැබ් 02ක සොයාගෙන තිබුණේ  මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.

අදාළ ටී 56 ගිනිඅවිය මෙම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.