ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආරක්ෂක ගිවිසුමකට එළඹ නැහැ

  • ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආරක්ෂක ගිවිසුමකට එළඹ නැති බවත් දෙරට විසින් අත්සන් තබා ඇත්තේ දෙරට ආරක්ෂක අමාත්‍යාංශ අතර ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය.

දෙරට අතර දැනට ක්‍රියාත්මක ආරක්ෂක සහයෝගීතා ක්‍රියාකාරකම් විධිමත් කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම ගිවිසුමේ අරමුණ වන බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව මෙවැනි අවබෝධතා ගිවිසුම් තවත් මිත්‍රශීලි අසල්වැසි රාජ්‍යයන් රැසක් සමඟ අත්සන් තබා තිබේ.පුහුණුවීම් සහ ධාරිතා සංවර්ධනය, කාර්ය මණ්ඩල සාකච්ඡා, අන්‍යෝන්‍ය වශයෙන් සිදු කෙරෙන නෞකා සංචාර, ද්විපාර්ශ්වික සංචාර ආදි ආරක්ෂක ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වැඩසටහන් අවබෝධතා ගිවිසුම මගින් ආවරණය කරන බව ඒ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් තැබුණු බවත් දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.