ලංගම ආදායමත් වාර්ගතාගත ලෙස ඉහළට

උත්සව සමයේ දින තුනක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායමද වාර්ගාගත ලෙස ඉහළගොස් ඇත.

ඒ අනුව පසුගිය 10, 11 සහ 12 යන තෙදින තුළ පමණක් ඔවුන් මිලියන 600ක ආදායමක් උපයා තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමකදී මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.