හලාවත නගරයට හදිසි ගංවතුර තත්ත්වයක්

හලාවත නගරයේ හදිසි ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බව “අද දෙරණ” වාර්තාකරු පවසයි.

ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාලය තවකාලිකව වසා දැමීමට හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය පියවර ගෙන ඇත. 

ගංවතුර තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Leave a Reply

Your email address will not be published.