පොල්ලකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කෙරේ

නාගොඩ, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (10) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. 

එලෙස මියගොස් ඇත්තේ, ගම්මැද්දේගොඩ, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.