ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසළ ඊශ්‍රායලය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීමෙන් තවත් පලස්තීන ජාතිකයින් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.
ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල එක්සත් ජනපදයේ සහාහ ලත් මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.