දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පි සේවක සංගමය විසින් වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මූලික කර ගනිමින් එම සංගමය විසින් හෙට (25) වන දින ප.ව. 4.30 සිට (27) දින පෙ.ව. 7.00 දක්වා වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බවට දන්වා සිටි. එම කාලය තුළ සංගමයේ සියලු සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරන බවට දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පි සේවක සංගමයේ ලේකම් පී.ඩී. හසන්ත චතුරංග මහතා ප්රකාශ කර සිටින අතර මෙම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්රියාකරුවන් සේවයේ නොමැති බවත් දුම්රිය හරස් මාර්ග භාවිතයේදී ජනතාව සැලකිලිමත් වෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කර සිටී.
2025-06-24