පසුගිය දින 12ක කාලය තුළ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 606දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියගිය අය අතර ගැබිනි කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් 49දෙනෙකු සිටින බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 05දෙනෙකුද සිටින බවත් වාර්තා වෙයි.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 5,332ක් තුවාල ලබා ඇති අතර 971දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
තුවාල ලැබූවන් අතර සෞඛ්‍ය කාර්ය මණ්ලඩයේ සාමාජීකයින් 20දෙනකු සිටී.
මීට අමතරව ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් අතර 687ත් දෙනෙකු සැත්කම් සඳහා භාජනය කර ඇති බව සඳහන්ය.
දින කිහිපයක සිටි පැවැති ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය පසුගිය ඉරිදා දින සිට උත්සන්න විය.
ඒ අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුය.
ඉන්පසු ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට සඳුදා දින මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
ඉන් පසු අඟහරවා දිනයේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.
ඒ දැඩි කොන්දේසී මතය.
ජූනි 13 ආරම්භ වූ ඉරාන – ඊශ්‍රායල් යුද්ධය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබුවේ “දින 12ක යුද්ධය” යනුවෙනි.