ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා සහ රියදුරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ එක් අයෙක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

Leave a Reply

Your email address will not be published.