බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය තුළට පෙරේදා (07දා) සවස විසිකර තිබූ පාර්සලයක තිබී ජංගම දුරකථන 08 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාරයේ ආරක්ෂාවට මුර අට්ටාලයේ රාජකාරි කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් රඳවා තිබෙන අංශය දෙසට තාප්පය උඩින් යම් කළුපාට පාර්සලයක් වැටෙන අයුරු දැක ඇත. පසුව එම නිලධාරියා බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 08 සහිත පාර්සලය හමු වී ඇත.
අදාළ ජංගම දුරකථන ඉදිරි විමර්ශන සඳහා රත්ගම පොලිසියට භාර දීමට කටයුතු කර ඇති අතර බන්ධනාගාරය මගින් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.


