ගිනිඅවි සහ දඩමස් ගෙන යද්දී තුන්දෙනෙක් දැලේ

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව පතොරම් සහ දඩමස් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (17) නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය නගරයේදී නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව පතොරම් 09ක්, ඊයම්බෝල 174ක් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු සමඟ ජීප් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 39, 50 සහ 55 වයස්වල පසුවන කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.