කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරි සඳහා පත් කර සිටි නිලධාරීන් ඉවත් කර ඇති බවට එම පුදබිමේ විහාරාධිපති හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම සම්බන්ධව පොලීසිය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ එම පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

ඒ අනුව, වැඩසිටිකන්ද පුදබිමෙහි ආරක්ෂාව සඳහාකතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරි සඳහා පත් කර සිටි නිලධාරීන් ඉවත් කර ප්‍රමාණවත් පොලිස් හා යුධ හමුදා නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවත් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එමෙන්ම අදාළ විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පුද්ගලානුබද්ධ ආරක්ෂාව නොව ස්ථානයේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට පොලීසිය පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සදහන්ව ඇත.

වැඩසිටිකන්ද පොලිස් මුරපොලට අනුයුක්තව සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කර එම නිලධාරීන් කතරගම පොලිස් වසමේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ රාජකාරි සදහා යොදවා ඇති අතර එම ලිපියේ සඳහන් පරිදි වැඩසිටිකන්ද පුදබිමේ පොලිස් ආරක්ෂාව පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවද පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටක් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.