නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි 80,000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය, මෝගන් පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් දුම්වැටි 40,000 ක් සොයාගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගය සමග දෙහිවල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published.