ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරගය එංගලන්ත නායකයාට අහිමි වෙයි

ඉන්දියාවට එරෙහි 5වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ට අහිමි වී ඇත.

ඔහුගේ උරහිසේ ආබාධය තවමත් සුව වී නොමැති හෙයින් මෙලෙස මෙම තරගය අහිමි වී තිබේ.

ඒ අනුව බෙන් ස්ටොක්ස්ගෙන් පුරප්පාඩුවන එංගලන්ත නායකත්වයට ඔලී පෝප් පත්කර ඇත.

මේ අතර එංගලන්ත කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්, බ්‍රයිඩන් කාර්ස් මෙන්ම ලියම් ඩේව්සන් වැනි ක්‍රීඩකයන් මෙම තරගයෙන් විවේක ගන්වා තිබේ.

ඔවුන් වෙනුවට ජේකබ් බෙතෙල්, ගස් ඇට්කින්සන්, ජේමි ඕවර්ටන් සහ ජොෂ් ටොන්ග් කැඳවා ඇත.

දෙරට අතර 5වන ටෙස්ට් තරගය හෙට (31) ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.