චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 98 වැනි සංවත්සර සැමරුම

චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 98වැනි සංවත්සර උත්සවය කොළඹදී ඊයේ (30) පැවැත්වුණි.

ඒ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපතිවරු වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසත් එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා,

“චීනය ඉදිරියේදීත් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව සමඟ පවතින ක්‍රමෝපායික සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. අනෙකුත් සියලුම කරුණු සම්බන්ධයෙන්ද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන්නේ සෑමවිටම ප්‍රමුඛත්වයක් දක්වමින්.”

එහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා,

“වසර 68ක් ගතවන චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී අප ජාතීන් දෙක, අන්‍යෝන්‍ය ගරුත්වයෙන්, සමානාත්මතාව සහ සහෝදරත්වය පෙරදැරි කරගෙන එක්ව කටයුතු කළා. රටක විශාලත්වය හෝ ප්‍රමාණය සැලකිල්ලට නොගෙන අර්ථවත්, දිගුකාලීන,  අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාවක් ගොඩනැගිය හැකි බවට දැක්විය හැකි දීප්තිමත් උදාහරණයක් තමයි මේ සහයෝගීතාවය.”

Leave a Reply

Your email address will not be published.