ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ T20 සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සිම්බාබ්වේ සංචිතය නම් කර තිබේ.

සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16  දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර ඇත.

අබ්‍රයන් බෙනට්, රයන් බර්ල්, බ්‍රැඩ් එවන්ස්, ට්‍රෙවර් ග්වාන්ඩු, ක්ලයිව් මැඩන්ඩේ, ටිනොටෙන්ඩා මපෝසා, තඩිවානාෂේ මරුමානි, වෙලින්ටන් මසකඩ්සා, ටෝනි මුන්යොංගා, ටෂිංගා මුසෙකිවා, බ්ලෙසින් මුසරබානි, බ්‍රෙන්ඩන් මයර්ස්, විලියම්ස් සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වේ.

තරග 3කින් යුත් මෙම විස්සයි20 තරගාවලියේ පළමු තරගය හෙට (03) ආරම්භමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.