ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග අද (13) බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව පැවැත්වෙයි.

B කණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය අබුඩාබිහිදී මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් හසලංක විසින් දරනු ලබන අතර  බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ලින්ටන් දාස් විසින්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  විස්සයි20 තරගයකදී මෙලස මුණගැසෙන්නේ තෙවන වතාවටය.

මීට පෙර පැවැති තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මෙය වන අතර  බංග්ලාදේශ කණ්ඩායම හොංකොං සමග පැවති තරගය කඩුලු 7කින් ජය ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published.