තවත් දුම්රිය පීලිපැනීමක්

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක්, කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර අද (19) ප.ව. 6.45ට මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වනවිට පවතින අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී හා පස් කණ්ඩියක් ද කඩාවැටී එම දුම්රියේ එක් රෝදයක් පමණක් පීලී පැනීමකට ලක්ව ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොස්ගම දක්වා පමණක් සීමා කිරීමට කටයුතුකර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.