කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී කුෂ් කිලෝ 09 ග්‍රෑම් 555ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.