තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද (22) දින කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 05 ක් අවලංගු කර තිබේ.

අවලංගු වූ දුම්රිය කාලසටහන පහතින් දැක්වේ.

පස්වරු  03.35 කොළඹ කොටුව සිට මහනුවර 

රාත්‍රී 08.30 කොළඹ කොටුව සිට බදුල්ල (රාත්‍රී තැපැල් )

පස්වරු 03.00 මහනුවර සිට කොළඹ කොටුව

පස්වරු 03.25 මහනුව සිට කොළඹ කොටුව

පස්වරු 06.00 බදුල්ල සිට කොළඹ කොටුව ( රාත්‍රි තැපැල් )

උඩරට දුම්රිය මාර්ගයේ දෙපස ස්ථාන කිහිපයකින් නායයෑම් හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් සීමා කෙරෙන බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published.