මව් රටට එන්න නම් ශෙයික් හසීනාගෙන් කොන්දේසි 03ක්

තමා යළි බංග්ලාදේශයට පැමිණීම කරුණු 03ක් මත රඳා පවතින බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.

ඇය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම, අවාමි ලීගය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම යන කාරණ මත තමන් බංග්ලාදේශයට යළි පැමිණීම රඳා පවතින බවය.

ඉන්දීය මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෂෙයික් හසීනා මෙම අදහස් පල කර ඇත.

තමාට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට මෙන්ම එරට ජනතාවට ස්තූතිය පල කරන බව ද ඇය එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ෂෙයික් හසීනාගේ පාලනයට එරෙහිව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇති වූ අරගලය අතර තුර හිටපු අග්‍රාමාත්‍යවරිය රටින් පළා යනු ලැබීය. 

Leave a Reply

Your email address will not be published.