පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද (14) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වුණි. 

කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් 7 දෙනා සහ පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

විපක්ෂය නියෝජනය කරන සෙසු සභිකයින් 12 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද 4කින් අයවැය පරාජයට පත්වුණි.

මේ අතර, තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව 17ක් හිමිවුණි. 

පසුව සභාපතිවරයාගේ ඡන්දය ද ලබාගැනීමට සිදුවුයේ ඡන්ද ප්‍රකාශ කිරීම සමවීම හේතුවෙනි. 

ඒ අනුව සභාපතිවරයාගේ ඡන්දය හිමිවීමෙන් පසු ජාතික ජන බලවේගය තණමල්විල ප්‍රාදේශීය සභා අයවැය ජයග්‍රහණය කළේය.

Leave a Reply

Your email address will not be published.