තැන තැන සිදුවන මාරක අනතුරු

කල්මුණ – මඩකලපුව මාර්ගයේ ආරයම්පති ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු ප්‍රදේශයේ සිටි යාචකයෙකු බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

එමෙන්ම පල්ලේපොල – මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පල්ලේපොල දෙස සිට මඩවල දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ වම්බටුයාය, නාලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.