මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ දී කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදිය සොයා ගෙන තිබෙනවා.
බටපොල – බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබු එම යතුරුපැදිය සොයා ගෙන තිබෙන්නේ බද්දේගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.
වෙඩික්කරුවන් මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතරතුර යතුරුපැදිය මඟ දමා යන්නට ඇති බවටයි පොලිසිය විශ්වාස කරන්නේ.
බද්දේගම පොලිසිය හා ඇල්පිටිය අපරාධ මර්දන අංශය සිද්ධිය පිළිබඳ විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
කිරලගහවෙල ප්‍රදේශයේ දී වෙඩි වැදීමෙන් තුවාල ලැබු කාන්තාව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


