පහළ කඩුගන්නාව නායයෑම් ස්ථානයේ සිරව සිටි කාන්තාවක් බේරා ගනියි

මහනුවර පහළ කඩුගන්නාවට ආසන්න හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී. 

සුන්බුන් අතර සිරවී සිටි තවත් කාන්තාවක් මුදාගැනීමට මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේය.

එමෙන්ම එම ස්ථානයේ සිරව සිටින පිරිස් මුදවා ගැනීම සඳහා මේ වන විටත් ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් කටයුතු කරන බව ආරංචි මාර්ග පවසයි. 

Leave a Reply

Your email address will not be published.