දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ (10) පස්වරුවේ සම්මත වී තිබේ.
ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂ නියෝජනය කරන සභිකයන් සභා ගර්භයෙන් ඉවත්ව සිට ඇති බැවින් අය-වැයට පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබිණි.
දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල මහ නගර සභාවේ 2026 අය-වැය සඳහා වූ මහා සභාව ආරම්භ කර ඇති අතර පසුව උප නගරාධිපති සුසන්ත බටගොග මහතා සභාව අමතන අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විපකෂයේ නියෝජිත මන්ත්‍රීවරුන් සියලුදෙනා සභා ගර්භයෙන් පිටව ගොස් ඇත.


