2025 දී රටවිරුවන් ඩොලර් බිලියන 7කට වඩා ලංකාවට එවලා

2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2025 නොවැම්බබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4 ක් ලෙසින් සටහන් වී ඇත. 

ඒ අනුව 2025 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන මුළු ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.19ක් ලෙසින් සටහන් වී තිබේ. මෙය 2024 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඩොලර් බිලියන 5.96ක ප්‍රේෂණ ලැබීම් අගය හා සැසඳීමේ දී 20.7%ක වර්ධනයකි.

Leave a Reply

Your email address will not be published.