තවත් මානුෂිය ආධාර තොගයත් රැගත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (14)  පස්වරු 03.07 ට ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහි මෙට්‍රික් ටොන් 25 ක් බර , මෙරට සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් තිබූ බව සඳහන් වේ.

එම ආපදා ආධාර තොගය එම ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසු, මෙරට මහියංගනය ප්‍රදේශයේ ක්ෂේත්‍රගත රෝහලක් පවත්වා ගෙන ගිය රෝහල් කාර්යය මණ්ඩලය 85 දෙනෙකු සහ ඔවුන්ගේ වෛද්‍ය උපකරණ තොගයක් ද රැගෙන ඔවුන් පිටව ගොස් ඇත.

එම ඉන්දීය රෝහල් කාර්යය මණ්ඩලයට සමු දීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

මෙම ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය අත්‍යාවශ්‍ය සැත්කම් ඇතුළු රෝගීන් 7,000 ක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.

මෙම ගුවන් යානය යළිත් පස්වරු 05.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ අග්‍රා නුවර බලා පිටත්ව ගියේය.

Leave a Reply

Your email address will not be published.