ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය තවදුරටත් ගණන ඉහළට

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන් වේ.

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබේ.

ඒ අනුව අදාළ වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා – පුතු වන බවට ද අනාවරණය කර ගෙන ඇත.

එහිදී එක් වෙඩික්කරුවෙකු මිය ගිය අතර එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියා වන අතර පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයා මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන් වේ.

අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකටය.

කෙසේවෙතත් එහිදී පුද්ගලයින් 29කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

Leave a Reply

Your email address will not be published.