ගතවූ පැය 24 තුළ රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 981ක් අත්අඩංගුවට

පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) දිනයේදී පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම මෙහි මූලික අරමුණු වූ අතර ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස සිට මෙම මෙහෙයුම් ආරම්භ කෙරිණි.

ඒ අනුව සිදුකරන ලද මුළු වැටලීම් 987 අතුරින් මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 513ක්ද, අයිස් ග්‍රෑම් 890ක්ද, ගංජා පැල 35,349ක්ද ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.