මිනුවන්ගොඩට තද සුළං

මිනුවන්ගොඩ – හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක්, පාසලක් හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.

මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස තුනක් 3කට පූර්ණ හානි සිදු ව ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සිදුව ඇති නිසා ප්‍රදේශයේ නිවාස හා මාර්ගවලට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බව සඳහන් වේ.

මෙම හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි වී ඇත.

Leave a Reply

Your email address will not be published.