‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය.
ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය.
මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ ‘දිට්වා’ ආපදාවෙන් දින 23කට පසුවය.
ඒ අනුව අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.


