අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 191ක දැවැන්ත පරාජයකට ලක්කර වයස 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට පාකිස්තාත කණ්ඩායම සමත් විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (21) ඩුබායිහිදී පැවැත්විණි.
අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණි පාකිස්තානයද මෙලෙස ආසියානු යොවුන් තරගාවලි ඉතිහාසයේ ශූරයන් ලෙස කිරුළු පැළදූ දෙවන අවස්ථාව මෙය වේ.
අවසන්වරට ඔවුන් 2012 වසරේ දී සමශූරයන් වී තිබේ. එවරද ඉන්දියාව සමගින් අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබූ අතර, එහිදී ලකුණු සමවීම හේතුවෙන් ශූරතාව කණ්ඩායම් දෙක අතර බෙදීගොස් තිබුණි.
මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 348ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 26.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156ක් පමණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 347ක් රැස්කිරීමට සමත් විය.


