උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, අනිද්දා (24) සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර ඇත.
එමෙන්ම, යාල්දේවි දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා තිබේ.




